නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

රැකියා කරන ඔස්ට්‍රේලියානුවන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් තම නිවාඩු කාලය තුළ ද රැකියාවට අදාළ ඊමේල් පණිවුඩ පරීක්ෂා කර ආතතියෙන් පෙලෙන බවයි පර්යේෂණයෙන් සොයාගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියානු වෘත්තිකයින්ගෙන් අඩක් පමණ නිවාඩුවක් ගත කරන විට, නිතිපතා හෝ ඉඳහිට ඔවුන්ගේ රැකියා විද්‍යුත් තැපෑල පරීක්ෂා කිරීම ඇතුළුව වැඩ කටයුතුවල නිරත වන බව සේවකයින් බඳවා ගැනීමේ සමාගමක් වන රොබට් වෝල්ටර්ස් පවසනවා.

සේවකයින්ගෙන් සියයට 71ක පමණ බහුතරයකට වාර්ෂික නිවාඩුවෙන් පසු ප්‍රබෝධමත් බවක් නොදැනෙන අතර සියයට 64ක් පමණ තමන්ට ප්‍රමාණවත් නිවාඩු දීමනාවක් නොලැබෙන බවයි සඳහන් කර ඇත්තේ.

කම්කරුවන්ට සේවා වේලාවෙන් පිටත තම සේවා යෝජකයන්ගෙන් ලැබෙන ඇමතුම් සහ පණිවිඩ නොසලකා හැරීමේ අයිතිය ලබා දෙන නව නීති හඳුන්වා දීමට සූදානම් වීමත් සමග මෙම පර්යේෂණයේ තොරතුරු හෙළිවී තිබෙනවා.

ඒ අනුව සේවා කාලයෙන් පසු සේවකයෙකු එවැනි ඇමතුම් හෝ පණිවුඩ සම්බන්ධයෙන් කනස්සල්ලට පත්වුවහොත් ඔස්ට්‍රේලියාවේ සේවා යෝජකයෙකුට ඩොලර් 18,000 දක්වා දඩයකට ද මුහුණ දීමේ අවදානමක් පවතින බව සඳහන්.

ඔස්ට්‍රියාව, චිලී, ආර්ජන්ටිනාව, ඩෙන්මාර්කය, ජර්මනිය, ග්‍රීසිය, අයර්ලන්තය සහ ඉතාලිය ඇතුළු රටවල් කිහිපයක දැනටමත් මේ හා සමාන නීති ක්‍රියාත්මක වනවා.

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »