ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදකයෙකු වන ඇස්ටන් මාර්ටින් ලැගොන්ඩා විසින් DBX යන මෝටර් රථ කාණ්ඩය මෙලෙස කැඳවා ඇති බවයි පැවසෙන්නේ.

මෙම වාහන ධාවනය අතරතුර ගිනි ගැනීමේ අවදානමක් පවතින බවට අනාවරණය වීමත් සමග අදාළ වාහන යළි කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

2022 සහ 2023 වසර අතර නිෂ්පාදනය කරන ලද වාහන 59ක් මෙලෙස බලපෑමට ලක්ව ඇති අතර ඔයිල් කූලර්හි ගිනි ගැනීම් තත්වයක් ඊට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙමගින් වාහනවල එන්ජිම ඇනහිටීමට හෝ තෙල් කාන්දු වීමට හේතු විය හැකි අතර රිය පැදවීමේදී එන්ජිම හදිසියේ නැතිවීම හෝ ගිනි ගැනීමට ලක්විය හැකි බව සඳහන්.

මේ හේතුවෙන් වාහනයේ ගමන් කරන්නන්ට හෝ මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට ජීවිත අවදානම ඉහළ වන බවයි වාර්තා වන්නේ.

බලපෑමට ලක් වූ වාහනවල හිමිකරුවන් වෙත මේ වන විටත් මේ පිළිබඳ දැනුම් දී ඇති අතර අවශ්‍ය අලුත්වැඩියාවන් සඳහා ළඟම ඇති අලෙවි නියෝජිතයින් හා සම්බන්ධ වන්නැයි උපදෙස් ලබා දී තිබෙනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »