ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර දේශසීමා නැවත විවෘත විය හැක්කේ කවදාදැයි ෆෙඩරල් රජය අනාවරණය කරයි.

ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර දේශසීමා නැවත විවෘත විය හැක්කේ කවදාදැයි ෆෙඩරල් රජය අනාවරණය කරයි.

ලබන වසරේ එනම් 2022 දී ෆෙඩරල් රජය විසින් ඕස්ට්‍රේලියාවේ දේශසීමා බොහෝවිට​ නැවත විවෘත කළ හැකි අතර නිරෝධායන රහිත ජාත්‍යන්තර සංචාර නැවත ආරම්භ කිරීමට ඉඩ දෙනු ඇති බවට සඳහන් වේ.

ලබන වසරේ ජාත්‍යන්තර සංචාරකයින් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවට​ සංචාරක අමාත්‍ය Dan Tehan මාධ්‍ය හමුවකදී තම අදහස් ප්‍රකාශ කර ඇත​.

ඉදිරි සතිවලදී කොරෝනා එන්නත් කිරීම ආරම්භ වන විට එක් එක් පුද්ගලයාට එන්නත ලබා ගත් බව සනාථ කිරීම සඳහා එන්නත් විදේශ ගමන් බලපත්‍රය (Vaccination passport) නිකුත් කරනු ලැබේ.

ඒ අනුව, ඕස්ට්‍රේලියානු වැසියන්ට​ එන්නත ලබා ගත් බවට සහතිකය​ Express Plus Medicare යෙදුමෙන් හෝ​ MyGov ගිණුම් හරහා මෙන්ම එන්නත් ලබා දෙන ස්ථානයන් ගෙන් දෘඩ පිටපත් ලබා ගත හැකිය.

චිකිත්සක භාණ්ඩ පරිපාලන ආයතනය​ (TGA) දැනටමත් ෆයිසර් එන්නත භාවිතය සඳහා අනුමත කර ඇති අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳව මේ මාසයේ අවසන් තීරණයක් දීමට අපේක්ෂා කෙරේ.

(7News)

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »