ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින් ඉරානය, ඊශ්‍රායලයට පසුගියදා සිදු කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි පැවසෙන්නේ.

ඉරාන රාජ්‍ය මාධ්‍ය අංශ ප්‍රකාශ කර ඇත්තේ මධ්‍යම ඉරානයේ ඉස්ෆහාන් ළාත ඉලක්ක කර ප්‍රහාර එල්ලකර ඇති බවයි.

මෙම ප්‍රහාරයත් සමග ඉරානයේ අභ්‍යන්තර ගුවන් ගමන් ද තාවකාලිකව අත්හිටුවා ඇති අතර ඩ්‍රෝන යානා තුනක් තම ආරක්ෂක අංශ විසින් විනාශ කළ බව ඉරාන බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

මීට සති කිහිපයකට පෙර ලෙබනනයේ පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් හමුදා ප්‍රධානීන් ඇතුළු 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ඊට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් පසුගිය සෙනසුරාදා ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර 300ක් පමණ එල්ල කළ අතර අද (19) ප්‍රහාරය එල්ලකර ඇත්තේ ඊට ප්‍රතිචාර වශයෙන්.

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »