රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

භාණ්ඩාගාරික ජිම් චාමර්ස් අද වොෂින්ටන්හිදී යුක්රේන බලධාරීන් සමඟ කළ සාකච්ඡාවකින් පසුවයි මෙම පියවර නිවේදනය කළේ.

මේ අනුව යුක්රේනයේ නිෂ්පාදනය කරන භාණ්ඩ සඳහා තීරුබදු නිදහස් කිරීම 2026 වසරේ ජුලි මාසය දක්වා වසර දෙකක් සඳහා දීර්ඝ කෙරෙනු ඇති.

මෙම සහනය යටතේ යුක්රේන භාණ්ඩ සඳහා සියයට 5ක්ව පැවති තීරු බදු සියයට් බිංදුවක් දක්වා කපා හැරෙනවා.

භාණ්ඩාගාරික ජිම් චාමර්ස් යුක්රේනයේ මුදල් ඇමති සර්ජි මාර්චෙන්කෝ හමුවේ පැවසුවේ මෙම තීරුබදු සහනය ඔස්ට්‍රේලියාව යුක්‍රේනයට අඛණ්ඩව දක්වන සහයෝගය ප්‍රදර්ශනය කිරීමක් බවයි.

යුක්රේනයේ සන්නද්ධ හමුදාවන්ට ලබා දෙන ඩොලර් මිලියන 780ක මිලිටරි ආධාර ද ඇතුළුව ඔස්ට්‍රේලියාව යුක්රේනයට ලබාදෙන සමස්ත සහය ඩොලර් මිලියන 960ක් පමණ වනවා.

ෆෙඩරල් රජය පවසන්නේ රුසියානු ආක්‍රමණය හමුවේ සටන් කරන යුක්රේනයේ ආර්ථිකයට සහ ජාත්‍යන්තර වෙළඳාමට සහය දැක්වීමට කැපවී සිටින බවයි.

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »