පිහි ඇනුම සිදු වූ සාප්පු සංකීර්ණයට එන ජනතාවට ඉල්ලීමක්

6 දෙනෙකුට ජීවිත අහිමි කළ පිහි ඇනුමෙන් පසු බොන්ඩායි ජන්ෂන්හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණය අද නැවත විවෘත කෙරුණා.

පැමිණෙන පාරිභෝගිකයන්ගෙන් වෙළඳසල් හිමියන් ඉල්ලා ඇත්තේ පසුගියදා සිදු වූ අමානුෂික ප්‍රහාරය හේතුවෙන් කම්පනයට පත්ව සිටින සේවකයින්ට සංවේදී වන ලෙසටයි.

40 හැවිරිදි ජොයෙල් කවුචිගේ ප්‍රහාරයෙන් පසු පසුගිය සෙනසුරාදා සිට ඊයේ දක්වා වෙළඳ සංකීර්ණය වසා තැබුණා.

අගමැති ඇන්තනි ඇල්බනිස් විසින් තබන ලද මල් කළඹක් මෙන්ම විපක්ෂ නායක පීටර් ඩට්න්ගේ මල් සහ පණිවිඩයක් ඇතුළුව වෙළඳ සංකීර්ණයෙන් පිටත මල් සහ උපහාර පණිවුඩ රැසක් පවතිනවා.

විපතට පත්වූවන්ට ශෝකය පළ කිරීමේ දිනයක් ලෙස මධ්‍යස්ථානය ඊයේ විවෘත කරන ලද අතර, මහජනතාවට තම ගෞරවය දැක්වීමට අවසර දී තිබුණා.

අද එහි සාමාන්‍ය වෙළඳ කටයුතු නැවත ආරම්භ කර ඇති අතර පෙරවරු 9.30 සිට සවස 6 දක්වා ගනුදෙනු සිදු කෙරෙනු ඇති.

ප්‍රදේශයේ ආරක්ෂාවට අමතර පොලිස් භටයන් ඇතුළුව වැඩි නිලධාරීන් ද පිරිසක් යොදවා තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »