චීනයේ ප්‍රධාන නගර රැසක් ගිලී යයි

චීනයේ ප්‍රධාන නගරවල මිලියන 270ක පමණ ජනතාවක් ගිලී යමින් පවතින බිම්වල ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් චීනයේ ප්‍රධාන නගරවල මිලියන සංඛ්‍යාත ජනයාගේ ඉඩම් ගිලා බැස ඇති අතර රටේ වෙරළබඩ ප්‍රදේශ ගංවතුර අවදානමට සහ මුහුදු මට්ටම ඉහළ යාමේ අවදානමට ද ලක්ව ඇති බවයි නව පර්යේෂණ පෙන්වා දෙන්නේ.

සයන්ස් සඟරාවේ බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයට අනුව චීන ජනගහනයෙන් සියයට 29ක් පමණ ජීවත් වන නාගරික ප්‍රදේශවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් වසරකට මිලිමීටර් 3 කට වඩා වේගයෙන් ගිලෙමින් පවතින බව සඳහන්.

ඒ අනුව මිලියන 270ක ජනතාවක් ගිලා බසින භූමියේ ජීවත් වන බවයි පැවසෙන්නේ.

මේ අතර, මිලියන 67ක ජනතාවක් වසරකට මිලිමීටර් 10ට වඩා වේගයෙන් ගිලා බසින ඉඩම්වල ජීවත් වන බවට හෙළිවී තිබෙනවා.

අධික ලෙස භූගත ජලය ක්ෂය වීම ගිලා බැසීමට මූලික සාධකයක් බව පර්යේෂකයන් පවසන අතර දේශගුණික විපර්යාස නිසා ඇතිවන නියඟය හේතුවෙන් තත්වය තවත් උග්‍ර වී ඇතැයි සඳහන්.

අධික ලෙස පොම්ප කිරීම ජල මට්ටම පහත හෙලන අතර උඩින් ඇති ඉඩම ගිලා බැසීමට එය හේතු වන අතර නගරවල බර වැඩිවීම නිසා ද භූමියද ගිලා බසින බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

ඉඩම් ගිලාබැසීම චීනයේ පමණක් ඇති ගැටළුවක් නොවන අතර එක්සත් ජනපදයේ, නිව් යෝර්ක් නගරය ඇතුළු වෙරළබඩ නගර රැසක් ගිලෙමින් පවතින බව හෙළිවී තිබෙනවා.

නෙදර්ලන්තයේ ඉඩම්වලින් සියයට 25ක් මුහුදු මට්ටමට වඩා පහළට ගිලා බැස ඇති අතර ලොව වේගයෙන්ම ගිලා බැස යන නගරය වන මෙක්සිකෝ නගරයේ වසරකට සෙන්ටිමීටර 50ක් හෙවත් අඟල් 20ක් පමණ වේගයෙන් ගොඩබිම ගිලා බසිමින් පවතිනවා.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »