පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කේ එම් .ටී .බී. ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17 ) පස්වරුවේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරුණු අතර එහිදීයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ.

අමාත්‍යවරයා අනතුරට ලක්වූ යටදොළවත්ත ප්‍රදේශයේ පිහිටි පොල් ඉඩම ඊයේ කළුතර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ මෙන්ම මහේස්ත්‍රාත්වරයාගේ ද නිරීක්ෂණයට ලක්වුණා.

ඉන් අනතුරුවයි නාගොඩ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබුවේ.

හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ වන අමිතා නාලිංගනී අමරතුංග විසින් කළුතර ශික්ෂණ රෝහලේදී මෘත දේහය හඳුනාගෙන තිබෙනවා.

කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් ද අමාත්‍යවරයා අනතුරට ලක් වූ ස්ථානය නිරීක්‍ෂණය කරන ලද අතර මතුගම අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණයක්ද සිදු කර තිබුණා.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට පෙර කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙනිය විසින් මෘත දේහය පරීක්ෂා කරනු ලැබුවා.

අමාත්‍යවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් ද කළුතර ශික්ෂන් රෝහලට පැමිණ සිටියා.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පස්වරු 3.30ට පමණ මෘත දේහය අමාත්‍යවරයාගේ බිරිඳ වෙත භාරදීමෙන් පසු කළුතර පිහිටි මල් ශාලාවක් වෙත රැගෙන ගොස් තිබුණා.

පාලිත තෙවරප්පෙරුමගේ අභාවය පිළිබඳ ශෝකය පළ කරමින් දොඩංගොඩ සහ යටදොළවත්ත ඇතුළු ප්‍රදේශවල මග දෙපස සුදු කොඩිවලින් සහ ශෝක ප්‍රකාශිත බැනර් වලින් අලංකාර කර තිබූ අතර විශාල පිරිසක් මතුගම, යටදොළවත්ත නිවසට ද පැමිණෙමින් සිටින ආකාරය දැක ගත හැකි වුණා.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »