නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ඉඩමකින් අශ්ව මළ සිරුරු 500ක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ඉඩමකින් අශ්ව මළ සිරුරු 500කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

අශ්වයන් මරා දමා ඔවුන්ගේ මළකඳන් වියළිමට දමා ඇති බවට ලැබී ඇති තොරතුර සම්බන්ධයෙන් නගර සභාව සහ ප්‍රාන්ත පොලිසිය විමර්ශනය කරන බව සඳහන්.

එම ස්ථානය පරීක්ෂා කිරීමෙන් පසු අශ්වයන් ඝාතනය දිගු කලක් තිස්සේ සිදුවෙමින් පවතින බව පැහැදිලි වූ බවයි නගර සභා ප්‍රකාශකයෙක් කියාසිටියේ.

ඉඩම පුරා ස්ථාන රැසකින් අශ්ව මළ සිරුරු රැසක් සොයාගෙන තිබෙනවා.

මෙම මළ සිරුරුවලින් ඇතැම් විට ඉතිරි වී ඇත්තේ අස්ථි කොටස් පමණක් වන අතර ඇතැම් සිරුරු සාපේක්ෂව මෑතකදී මරා දමන ලද සතුන්ගේ බවටයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකයි.

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »