ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එම යෝජනාවට ඔම්බුට්ස්මන් කාර්යාලය මගින් අවස්ථාවක් හිමිවන්නේ නම් ඔස්ට්‍රේලියාවේ වැඩ කරන ජනතාවට ඔවුන්ගේ වාර්ෂික නිවාඩු දෙගුණ කර ගැනීමේ අවස්ථාව හිමිවනු ඇති.

ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයේ (ACTU) ප්‍රධානී සලි මැක්මනුස් (Sally McManus) පැවසුවේ මෙම වෙනස සේවා යෝජකයාට කිසිදු පාඩුවකින් තොරව දිගු නිවාඩු ලබා ගැනීමට කම්කරුවන්ට වැඩි අවස්ථාවක් ලබා දෙන බවයි.

සේවා යෝජකයින් මෙම අදහසට සහාය දුන් නමුත් කාර්ය මණ්ඩල හිඟයෙන් ව්‍යාපාරවලට හානියක් නොවන බව සහතික කිරීමට අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙසිකා ටින්ස්ලි සඳහන් කළා.

එසේම මේ සදහා ව්‍යාපාරික ප්‍රජාවගේ ද එකඟතාව ලබා ගතයුතු බවයි ජෙසිකා ටින්ස්ලි පැවසුවේ.

ඇතැම් කොන්දේසි සමඟ සේවා යෝජකයින් මෙම යෝජනාවට සැබවින්ම සහාය දක්වන බව ද සඳහන් කර තිබෙනවා.

සාධාරණ ව්‍යාපාරික හේතූන් මත දිගු නිවාඩු ලබා ගැනීම සඳහා සේවකයින්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට ප්‍රධානීන්ට හැකි විය යුතු බවට වන යෝජනාවට වෘත්තීය සංගම් එකඟ වූ බව ද සඳහන්.

ඔම්බුට්ස්මන් කාර්යාලය ඉදිරි මාස තුන හෝ හතර තුළ යෝජනාව පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කරනු ඇති අතර සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමේ අයිතිය තිබිය යුතු ද යන්න ඇතුළුව අනෙකුත් නම්‍යශීලී වැඩ විධිවිධාන ද සලකා බැලීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »