පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සාප්පු සංකීර්ණය අද සිට විවෘත වුවද සාමාන්‍ය පරිදි වෙළඳ කටයුතු හෙට සිට (19) අදාළ වේලාවන් යටතේ නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

වෙස්ට්ෆීල්ඩ් හිමිකරු පැවසුවේ අද දින සාප්පු සංකීර්ණය විවෘත කළ ද කිසිදු වෙළඳ කටයුත්තක් සිදු නොකරන අතර මියගිය පුද්ගලයින් සදහා ගෞරව දැක්වීම පමණක් සිදුකිරීමට ප්‍රජාවට පැමිණිය හැකි බවයි.

මධ්‍යස්ථානය තුළ ප්‍රචාරණ කටයුතු මෙන්ම සංගීතමය ශබ්ද තාවකාලිකව නතර කරන බවට ද නිවේදනය කර තිබෙනවා.

මියගිය අය සදහා ගෞරවය දැක්වීමට සාප්පු සංකීර්ණය තුල ඔවුනගේ ඥාතීන් ඇතුලු පවුලේ අය සදහා අවශ්‍ය සෑම පහසුකමක්ම සලසා දෙන බවයි වෙස්ට්ෆීල්ඩ් හිමිකරු සඳහන් කර ඇත්තේ.

ප්‍රහාරයෙන් පුද්ගලයින් 6 දෙනෙක් මියගිය අතර මියගිය අය සිහි කිරීම සදහා ස්මාරකයක් නිර්මාණය කරන බව ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් සඳහන් කර තිබෙනවා.

මේ අතර බොන්ඩායි ජන්ෂන් හී සාප්පු සංකීර්ණයේ ආරක්ෂාව තර කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇති අතර මෙවැනි අමානුෂික ඝාතනයන් යළි ප්‍රසිද්ධ අවකාශයේ සිදු වීමට අවස්ථාව ලබා නොදෙන බව ඔවුන් අවධාරණය කර තිබුණා.

සිඩ්නි නුවර දේවස්ථානයකදී එල්ල වූ පිහි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණු අයිසැක් රොයෙල් පියතුමා සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා.

මාරි එම්මානුවෙල් බිෂොප්වරයා ලිවර්පූල් රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවන බවයි වාර්තා වන්නේ.

බිෂොප්වරයා අන්තර්ජාලය ඔස්සේ සජීවීව දේව මෙහෙයක් සිදු කරමින් සිටියදී පිහි ඇනුම සිදු වූ අතර 16 හැවිරිදි සැකකරු ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී පුජකවරයාගේ උරහිසට සහ අත්වලට තුවාල සිදු වී තිබුණා.

බිෂොප්වරයාට සහ පියතුමාට පහර දුන් බව කියන 16 හැවිරිදි තරුණයා හෙළි නොකළ ස්ථානයක පොලිස් ආරක්ෂාව යටතේ කැපුම් තුවාලවලට ප්‍රතිකාර ලබමින් සිටින බව ප්‍රාන්ත පොලිස් කොමසාරිස්වරිය සඳහන් කළා.

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම්දීමක්

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර එකතු කිරීමේ සේවාව තුල බරපතල ලෙස රුධිර සංචිත අඩුවීම හේතුවෙන් රුධිරය ලබාදෙන්නැයි පරිත්‍යාගශීලීන්ට ඉල්ලීමක් යොමුවී තිබෙනවා.

Read More »