සංක්‍රමණිකයින් නිසා මෙල්බර්න් සහ සිඩ්නි ජනගහනය වෙනස් වෙයි

මෙල්බර්න් සහ සිඩ්නි අගනුවරවල ජනගහනයේ සාපේක්ෂ වැඩිවීමක් පෙන්නුම් කරන බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

සිසුන් සහ අනෙකුත් සංක්‍රමණිකයන්ගේ පැමිණිමත් සමග එක් වසරක් තුළ පදිංචිකරුවන් 300000ක ජනගහණ වැඩිවීමක් එම අගනගරවලින් වාර්තා වී ඇතැයි සඳහන්.

ඔස්ට්‍රේලියාවේ විශාලතම අගනගර දෙකක් ලෙස සිඩ්නි සහ මෙල්බන් සැලකෙනවා.

මෙල්බර්න්හි ජනගහනය 2022-2023 මූල්‍ය වර්ශයන්වල දී 166000 කින් හෝ දිනකට පුද්ගලයින් 455කින් පමණ වැඩිවී ඇති බව සඳහන්.

මෙම අගය පෙර වසර කිහිපය හා සැසඳීමේ දී විශාල වැඩිවීමක් බවයි ජන හා සංඛ්‍යාලේඛන වාර්තා අනුව පෙනී ගොස් ඇත්තේ.

මේ අතර සිඩ්නිහි පසුගිය මුල්‍ය වර්ෂයේ නව පදිංචිකරුවන් 142600කින් වර්ධනය වී ඇති අතර එම අගය දිනකට 391ක වැඩිවීමක් බව ද සඳහන්.

එක් වසරක් තුළ නගර දෙකටම නව පදිංචිකරුවන් 140000 කට වඩා වැඩි අගයකින් එක් වු පළමු අවස්ථාව මෙය ලෙස සැළකෙනවා.

1850 සහ 1905 අතර කාලය තුළ ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ නගරය මෙල්බර්න් වූ අතර වර්තමාන ජනගහණය මිලියන 5.1ක් වනවා.

සිඩ්නිහි වත්මන් ජනගහණය සඳහන්ව ඇත්තේ මිලියන 5.04ක් ලෙසයි.

කොවිඩ් වසංගතයෙන් පසු ජාත්‍යන්තර සිසුන් නැවත පැමිණීම සහ බොහෝ දුරට නගර දෙකේ අභ්‍යන්තර තදාසන්න ප්‍රදේශවල ශිෂ්‍යයින්ගේ පැමිණීම මීට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »