සිඩ්නි දේවස්ථානයකත් පිහි ඇනුමක් – පූජකවරයෙක් ඇතුලු 4කට තුවාල

බටහිර සිඩ්නිහි දේවස්ථානයක දේව මෙහෙයක් අතරතුර සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ආගමික නායකයෙකු ඇතුලු 4 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

අද රාත්‍රි වේක්ලි ප්‍රදේශයේ ක්‍රයිස්ට් ද ගුඩ් ෂෙපර්ඩ් දේවස්ථානයේදී මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ බිෂොප්වරයෙකු විසින් අන්තර්ජාලය ඔස්සේ සජීවීව දේව මෙහෙයක් සිදු කරමින් සිටි අවස්ථාවේදී යි.

තුවාල ලැබූවන් අතර වයස අවුරුදු 60, 50, 30 සහ 20 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් වන බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

දේශනය පවත්වනු ලබන අති උතුම් මාරි එම්මානුවෙල් රදගුරු හිමිපාණන් ජනප්‍රිය වුව ද ඕතඩොක්ස් ප්‍රජාව අතර පවතින්නේ මතබේධාත්මක තත්වයක්.

2021 ජුනි මාසයේ කොරෝනා වෛරස් ව්‍යාප්ති සමයේ රට අගුලු දැමීම, ගමන් බිමන් සීමා කිරීම සහ එන්නත් විධාන විවේචනය කිරීම හේතුවෙන් උන් වහන්සේ පිළිබඳ වැඩි අවධානයක් යොමු ව වුණා.

නිව් සවුත්වේල්ස් පොලිසිය සඳහන් කළේ පිහි ඇනුම පිළිබඳ ලැබුණු තොරතුරු මත එම ස්ථානයට ගොස් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි.

සිද්ධිය වූ ස්ථානයේ සිටි පුද්ගලයෙකු මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන බව සඳහන්.

කෙසේවෙතත් අත්අඩංගුවට ගෙන ඇත්තේ පිහි ඇනුම සිදු කළ පුද්ගලයා ද යන්න නිශ්චිතව අනාවරණ වී නැහැ.

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »