මොලී යළිත් හිමිකරුවන් වෙත

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයේ වඩාත් ජනප්‍රිය පක්ෂියකු වූ මොලී යළිත් හිමිකරුවන් වෙත භාර දීමට අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ පරිසර විද්‍යා සහ නවෝත්පාදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බලධාරීන් විසින් විශේෂිත බලපත්‍රයක් අනුමත කර කොන්දේසි කිහිපයකට යටත්ව අදාළ පක්ෂියා ගෝල්ඩ් කෝස්ට් යුවළක් වන ජුලියට් වෙල්ස් සහ රීස් මෝර්ටෙන්සන් වෙත ආපසු භාරදුන් බවයි.

පරිසරවේදීන් විසින් ගොනුකළ නඩු ප්‍රකාරව මොලී නම් පක්ෂියා දින 45ක කාලයක් සඳහා සත්ව උද්‍යානයක් වෙත භාරදී තිබුණා.

1992 ස්වභාව සංරක්ෂණ පනතට සංශෝධන එක් කරමින් පක්ෂියා භාරකරුවන් වෙත ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.

දේශීය වන සතුන් නිසි ලෙස රැකබලා ගැනීමට සහ වන සතුන් රැකබලා ගැනීම පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය විශේෂඥ කුසලතා පිළිගැනීමට ජනතාව දිරිමත් කිරීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට ද පරිසරවේදීන් පියවර ගෙන තිබෙනවා.

මොලි යලිත් භාරකරුවන් වෙත ලබා දීම ගැන රසිකයින් සතුටට පත්ව ඇති බවයි සමාජ මාධ්‍ය සටහන් මගින් පෙන්නුම් කර ඇත්තේ.

ගෝල්ඩ් කෝස්ට් යුවළ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පක්ෂියා තම නිවසේ ඇති කරන පෙගී නම් සුනඛයා සමග ඉතා ආදරයෙන් ආරක්ෂිතව වෙසෙන බවයි.

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම්දීමක්

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර එකතු කිරීමේ සේවාව තුල බරපතල ලෙස රුධිර සංචිත අඩුවීම හේතුවෙන් රුධිරය ලබාදෙන්නැයි පරිත්‍යාගශීලීන්ට ඉල්ලීමක් යොමුවී තිබෙනවා.

Read More »