කමිඳු සහ මැතිව්ස් ඉදිරියට

නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල 46වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් සමත් වී තිබෙනවා.

ඔහු මෙලෙස ඉදිරියට පැමිණීමේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්ද අභිබවා ඉදිරියට පැමිණ තිබීමයි.

නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට අනුව කමිඳු මෙන්ඩිස් ස්ථාන 18ක් ඉදිරියට පැමිණ තිබෙනවා.

කුසල් මෙන්ඩිස්ද ස්ථාන 03ක් ඉදිරියට පැමිණ ඇති නමුත් ඔහුට හිමිව ඇත්තේ 52වන ස්ථානයයි.

කමිඳු මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මාර්තු මාසයේ අයි සී සී ක්‍රීඩකයා ලෙසද තෝරා ගැණුනා.

මේ අතර දිමුත් කරුණාරත්න නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 08වන ස්ථානය දක්වා පසු බැස ඇති අතර ඇන්ජලෝ මැතිව්ස් 25වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරිමේ පළමු ස්ථානයට පත්වී ඇත්තේ නවසීලන්තයේ කේන් විලියම්සන්.

ස්ටිවන් ස්මිත් එහි 5 වන ස්ථානයේ පසුවනවා. ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 11, 12 සහ 13 ස්ථානවල පිළිවෙලින් උස්මන් කවාජා, මානුස් ලබුචේන් සහ ට්‍රැවිස් හෙඩ් සිටින බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »