දිනේෂ් චන්දිමාල් හදිසියේම තරගයෙන් ඉවත්වී ශ්‍රී ලංකාව බලා යයි

බංග්ලාදේශයට එරෙහි දෙවන ටෙස්ට් තරගය ක්‍රිඩා කරන අතර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු දිනේෂ් චන්දිමාල් හදිසියේම ඉන් ඉවත්වි තිබෙනවා.

පවුලේ වෛද්‍ය හදිසි අවස්ථාවක් හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි 2 වන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කණ්ඩායමෙන් දිනේෂ් චන්දිමාල් ඉවත් වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව ඔහු වහාම නිවසට පැමිණෙනු ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නිවේදනය මගින් සඳහන් කර ඇත්තේ කණ්ඩායමේ සෙසු සාමාජිකයන් සහ සියලු කාර්ය මණ්ඩලය දිනේෂ් චන්දිමාල්ට මේ මොහොතේ අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දෙන අතර ඔහුගේ සහ ඔහුගේ පවුලේ අයගේ පෞද්ගලිකත්වයට ගරු කරන මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර බංගලාදේශයේ චැටෝග්‍රෑම් හි පැවැත්වෙන 2 වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ 4 වන දිනය අදයි.

අද දහවල් බංග්ලාදේශයට ලකුණු 511ක ඉලක්කයක් ලබා දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම අත්හිටවනු ලැබුවේ කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබා සිටියදී යි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 56ක් රැස් කළා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 531ක් ලබාගත් අතර බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා රැස්කළේ ලකුණු 178ක් පමණයි.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »