ඔස්ට්‍රේලියාවේ පැතිර යන රෝගයක් ගැන විශේෂ දැනුම්දීමක්

තහවුරු වූ රෝගීන් 11,000කට ආසන්න සංඛ්‍යාවක් සමඟ උණ රෝගය පැතිර යාමේ කාල සමය ඉක්මනින් ආරම්භ වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.

දැනටමත් තහවුරු වූ රෝගීන් දහස් ගණනක් සමඟ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ උණ රෝගය පැතිර යාම ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රාන්තයේ සෞඛ්‍ය අංශ විසින් මේ වසරේ දැනටමත් ඉන්ෆ්ලුවෙන්සා A සහ B රෝගීන් 10,976ක් තහවුරු කර ඇති අතර පසුගිය වසරේ මෙම කාලය තුල වාර්තා වී තිබුණේ රෝගීන් 6000ක පමණ ප්‍රමාණයක්.

සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ සෑම වසරකම උණ රෝගය පැතිර යාම කලින් ආරම්භ වන ප්‍රවණතාවක් මතුවෙමින් පවතින බවයි.

සිඩ්නි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොබට් බූයි පැවසුවේ COVID හේතුවෙන් මිනිසුන්ට ස්වභාවික ප්‍රතිශක්තිය නොලැබීම මෙම තත්වයට හේතුව වන්නට ඇති බවයි.

පුරෝකථනය කිරීම අපහසු වුවද, සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ මෙම වසරේ උණ පෙර වසරවලට වඩා නරක හෝ ඇතැම් විට දරුණු වනු ඇති බවයි.

උණ රෝගය වෙනුවෙන් එන්නත දැනටමත් ලබා ගත හැකි අතර සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දෙන්නේ ප්‍රමාද නොවී ඉක්මනින් තම එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙසටයි.

ජනතාවට ආචාර කළ ස්ලෝවැකියාවේ අගමැතිට වෙඩි ප්‍රහාරයක්

ඔහු හැන්ඩ්ලෝවා නගරයේ රැස්ව සිටි පිරිසට ආචාර කරන අවස්ථාවේ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුවාල ලැබූ අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කිරීමට ආරක්ෂක අංශය පියවර ගෙන තිබෙනවා. රජයේ රැස්වීමකින් පසුව අගමැතිවරයා පිටතට පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ආරක්ෂක අංශ විසින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වනවා. මෙය අගමැතිවරයා ඝාතනයට තැත් කිරීමේ සිද්ධියක් බවට ද සැක මතුවී

Read More »

T20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු තැන වනිඳු හසරංගට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම T20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග සමත්වී තිබෙනවා.

Read More »

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »