හිටපු ජනපති මෛත්‍රී CIDයට කැඳවයි

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තමන් දන්නා බවට කළ අනාවරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 10.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටයි ඔහුට දන්වා ඇත්තේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සත්‍ය වශයෙන්ම තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ පසුගිය සිකුරාදා මහනුවරදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් සිදු කරමින්.

ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට උපදෙස් දී තිබූ අතර ඇති අතර ඒ අනුවයි එම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ.

2019 වසරේ පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන තුනකට සහ හෝටල් කිහිපයකට එල්ල වූ ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරයකින් පුද්ගලයන් 268 දෙනෙකුට දිවි අහිමි වුණා.

මේ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් ද සිදුකෙරුණු අතර, ඊට අදාළව මහාධිකරණ නඩු විභාගයක් ද සිදු වෙමින් පවතිනවා.

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට ක්‍රියා නොකිරීමෙන්, මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බව තීරණය කර වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු පස්දෙනෙකුට නියෝග කළා.

මෙවැනි තීරණාත්මක අවස්ථාවල දී පවා හඬ අවදි නොකළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රහාරයෙන් වසර 05ක් ගෙවී තිබිය දී, ප්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි තමන් දන්නා බවට කළ ප්‍රකාශය හේතුවෙන් මේ වන විට රට තුළ පවතින්නේ දැඩි ආන්දෝලනාත්මක තත්වයක්.

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »