ශ්‍රී ලංකාව ප්‍රබලයෙක් නොමැතිව තීරණාත්මක අවසන් එක්දින තරගයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තීරණාත්මක තුන්වන එක්දින තරගය අද බංග්ලාදේශයේ චටෝග්‍රම් හිදී පැවැත්වෙනවා.

තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් බංග්ලාදේශය ජයගත් අතර දෙවන තරගයේ ජය හිමිවූයේ ශ්‍රී ලංකාවටයි.

ඒ අනුව තරගාවලියේ ජය ලබා ගැනීම වෙනුවෙන් මෙම අවසන් එක්දින තරගය දෙරටටම අතිශය තීරණාත්මක එකක් වනු ඇති.

බංග්ලාදේශයට එරෙහි 20-20 තරගාවලිය දෙකට එකක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා.

මේ අතර ආබාධයකට ලක්වීම හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංකට අද පැවැත්වෙන තුන්වන එක්දින තරගය අහිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ දෙවන එක්දින තරගය අතර වම් පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ඩිල්ෂාන් මදුෂංක අවසන් එක්දින තරගයට සහභාගී නොවන බවයි.

පළමු සහ දෙවන එක්දින තරග දෙකේදීම ඔහු බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු 2 බැගින් බිඳහෙලුවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »