නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අද දින සිට ලිහිල් කර ඇති කොරෝනා නීති මෙසේය​.

අද උදෑසන වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා නීති සීමාවන් රාශියක් ලිහිල් වී ඇත.

මෙලෙස නීති රීති ලිහිල් කිරීමට ප්‍රධානතම හේතුව වන්නේ අඛණ් ඩව 11 වන දිනයත් කිසිඳු කොරෝනා රෝගියෙකු දේශීයව වාර්තා නොවීමයි.

ඒ අනුව​, අද අළුයම 12.01 සිට සිඩ්නි නුවර වැසියන්ට තම නිවෙස් වලට ළමුන් ද ඇතුලත්ව අමුත්තන් 30 ක් ගෙන්වා ගැනීමට ඉඩ සැලසෙන අතර​, පිටත එක් රැස් විය හැකි උපරිම පුද්ගල සංඛ්‍යාව 50 දක්වා ඉහල නංවා ඇත​.

වර්ග මීටර් හතරක දුරස්ථභාවය පවත්වා ගනිමින් 300 දෙනෙකුට විවාහ මංගල්‍යවලට සහභාගී විය හැකිය.

ආගන්තුක සත්කාරක ස්ථානවල හෝ පූජනීය ස්ථානවල අවසර ලත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව පිළිබඳ කිසිදු සීමාවක් නොමැති අතර, වර්ග මීටර් හතරක දුරස්ථභාවය පවත්වා ගැනීමට වගබලා ගත යුතුවේ.

පොදු ප්‍රවාහන, පූජනීය ස්ථාන සහ රූපලාවණ්‍යාගාරවල මුව ආවරණ පැළඳීම අනිවාර්‍ය වන අතර සුපිරි වෙළඳසැල්වල මුව ආවරණ පැළඳීම අනිවාර්‍ය නොවේ.

එනමුත් නිව් සවුත් වේල්ස් රජය පවසන්නේ එවැනි වෙළඳසැල් වල පාරිභෝගිකයින් ද මුව ආවරණ පැළඳීම වඩාත් සුදුසු බවයි.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »