නවසීලන්තය සංචාරයේ පළමු ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 172ක ජයක්

නවසීලන්තය සමග වෙලින්ටන්හිදී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 172ක ජයක් ලබා ගැනිමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.

කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 383ක්.

කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු 174ක් ලබා ගත්තා.

අනතුරුව පළමු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම ලකුණු 179ක්ව තිබියදී සියලු දෙනා දවා ගැනීමට ඔස්ට්‍රේලියා පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

දෙවන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසිනු ඔස්ට්‍රේලියාව සියලුදෙනා දැවී ලකුණු 164ක් රැස් කළ අතර එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නේතන් ලයන් ලකුණු 41ක් ලබා ගත්තා.

ඒ අනුව ලකුණු 369ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමට දෙවන ඉනිමේදී සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 196ක් පමණයි.

තරගයේ විරයා සම්මානය කැමරන් ග්‍රීන්ට හිමිවුණා.

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ නවසීලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 8 වනදා ක්‍රයිස්චර්ච්හිදී ආරම්භ වීමට නියමිතයි.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »