මැටිල්ඩාස් විශිෂ්ඨ ජයක් සමග පැරිස් යන්න සුදුසුකම් ලබයි

2024 සමර් ඔලිම්පික් තරගාවලිය සඳහා මැටිල්ඩාස් හෙවත් ඔස්ට්‍රේලියානු කාන්තා පාපන්දු කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.

ඔස්ට්‍රේලියානු කාන්තා පාපන්දු කණ්ඩායම ලැබූ මෙම සුදුසුකම මෙය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලෙසටයි සැලකෙන්නේ.

මේ අනුව පැරිසියේ පැවැත්වෙන සමර් ඔලිම්පික් උළෙලේ කණ්ඩායම් 12කින් සමන්විත කාන්තා තරගය සඳහා තම ස්ථාන තහවුරු කරගත් නවතම රටවල් අතරට එක්වන්නේ ඔස්ට්‍රේලියාව සහ ජපානයයි.

මෙල්බන් ඩොක්ලන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවති ඔස්ට්‍රේලියාව සහ උස්බෙකිස්තානය අතර තරගාවලියේ දී ඔස්ට්‍රේලියාව උස්බෙකිස්තානයට එරෙහිව ගෝල 10ට 0ක් ලෙස ජයග්‍රහණයක් ලබා ගනිමින් තම ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුණා.

මිෂෙල් හේමන් පළමු මිනිත්තු 16 තුළ ගෝල ත්‍රිත්වයක් සමඟින් මැටිල්ඩාස් වෙත සාර්ථක ආරම්භයක් ලබා ගැනීම කාගේත් පැසසුමට ලක්වුණා.

මේ අතර ටෝකියෝ හි පැවති තරගාවලියේදී ජපානය, උතුරු කොරියාව ගෝල 2ට එකක් ලෙස පරාජය කරමින් මෙවර තරගාවලිය සඳහා සුදුසුමක් ලැබුවා.

ඒ අනුව පැරිසියේ පැවැත්වෙන සමර් ඔලිම්පික් උළෙලේදී කණ්ඩායම් 12 කින් සමන්විත කාන්තා තරගය සඳහා තම ස්ථාන තහවුරු කරගත් නවතම රටවල් ලෙස ඔස්ට්‍රේලියාව සහ ජපානය එක්වුණා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »