වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා නීති කඩ කල පුද්ගලයින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට වඩා 20 ගුණයකින් වැඩි බවට වාර්තා වේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා නීති කඩ කල පුද්ගලයින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට වඩා 20 ගුණයකින් වැඩි බවට වාර්තා වේ.

පසුගිය වර්‍ෂය තුල කොරෝනා වයිරස් සෞඛ්‍ය නියෝග කඩ කල පුද්ගල ප්‍රමාණයන් පිළිබඳව කල සමීක්‍ෂණයකින් පිළිබිඹු වී ඇත්තේ වික්ටෝරියානුවන් 20 ගුණයකින් නිව් සවුත් වේල්ස් වැසියන්ට වඩා නීති කඩ කල ඇති බවකි.

ඒ අනුව පසුගිය වසර තුල වික්ටෝරියානු පොලීසිය විසින් මෙවැනි දඩ මුදල් 40,000ක් නියම කර ඇති අතර නිව් සවුත් වේල්ස් පොලීසිය විසින් නිකුත් කර ඇත්තේ දඩ මුදල් 2000ක් පමණි.

“මම හිතන්නේ අපි ප්‍රජාවට අතිශයින්ම සාධාරණ ප්‍රවේශයක් ගෙන තිබෙනවා,” නිව් සවුත් වේල්ස් පොලිස් කොමසාරිස් Mick Fuller පවසා සිටී.

සෞඛ්‍ය නියෝග​ කෙරෙහි පුද්ගලයින් අතර “විශ්වාසයක්” ගොඩ නැඟී ඇති බවත් නිව් සවුත් වේල්ස් අගමැති Gladys Berejiklian වෙතින් පැහැදිලි පණිවුඩ යැවීම නිසා දඩ මුදල්  අඩු බව තමා විශ්වාස කරන බවට ඔහු වැඩිදුරටත් අදහස් දක්වා ඇත​.

මෙම සතිය ආරම්භයේ සිට​ වික්ටෝරියා පොලිසිය විසින් නිකුත් කරන ලද කොරෝනා දඩ මුදල් පිළිබඳව දැඩි ආන්දෝලනාත්මක කතා බහක් පැවතුන ද​ ඊයේ වික්ටෝරියා පොලිසිය දඩ මුදල් අය කිරීම පිළිබඳ ව පවතින නීති එලෙසම ක්‍රියාත්මක කරන බව පවසා ඇත​.

වික්ටෝරියා පොලිසියේ නියෝජ්‍ය කොමසාරිස් නුගන්ට් පැවසුවේ වික්ටෝරියා හි කොරෝනා ආශ්‍රිත දඩ 40,000 ක් පමණ නිකුත් කර ඇති බවයි. දඩ මුදල් අය කළ අයගෙන් සියයට 10 කටත් වඩා අඩු ප්‍රමාණයක් මේ දක්වා ගෙවා ඇති බව ඔහු තවදුරටත් ප්‍රකාශ කල සිටියා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »