ඉන්දුනීසියාවේ සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් මිය ගිය පුද්ගලයින් ගණන 73ක් දක්වා ඉහලට​!

ඉන්දුනීසියාවේ සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් මිය ගිය පුද්ගලයින් ගණන 73ක් දක්වා ඉහලට​!

ඉන්දුනීසියාවේ මාමූජු, සුලවේසි දූපතේ සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් මිය ගිය පුද්ගලයින් ගණන 73ක් දක්වා ඉහල ගොස් ඇති බවට වාර්තා වේ.

ඉන් සිදුවූ අනතුරු වලින් 820 දෙනකු පමණ තුවාල ලබා ඇති අතර 27800ක පමණ පිරිසක් නිවාස අතහැර දමාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

නිවාස 400කට වැඩි ප්‍රමාණයකට හා හෝටල් දෙකකට ද දැඩි හානි සිදුවී ඇති අතර ආණ්ඩුකාර කාර්යාලයක් සහ රෝහලක් බිමට සමතලා වී තිබෙනවා.

එම සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ආපදා කලමනාකරණ ඒජන්සියේ ප්‍රධානී ඩොනී මෙඩානෝ පවසන්නේ.

කාළගුණ විද්‍යා ඒජන්සිය පවසා ඇත්තේ සිදුවූ කම්පනයට වඩා විශාල තවත් කම්පනයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.

එමඟින් සුනාමි අවදානමක් ද ඇතිවිය හැකි බැවින් මුහුදෙන් බැහැරව සිටින ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

(THENEWDAILY)

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »