නීතිමය දුම් පානය කිරීමේ වයස අවුරුදු 18 සිට 21 දක්වා වැඩි කිරීමට​ ටස්මේනියානු රජය සැරසේ!

නීතිමය දුම් පානය කිරීමේ වයස අවුරුදු 18 සිට 21 දක්වා වැඩි කිරීමට​ ටස්මේනියානු රජය සැරසේ!

දුම්පානය කිරීමේ වයස අවුරුදු 18 සිට 21 දක්වා වැඩි කළ පළමු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය බවට ටස්මේනියාව පත්විය හැකිය.

වයස අවුරුදු 21 ට අඩු අයට සිගරට් විකිණීම තහනම් කරන පනතක් මේ වසරේ ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ටස්මේනියානු රජය පියවර ගැනීමට සැරසේ.

යෞවනයන් අතර දුම්පානය අඩු කිරීමට මෙම පියවර ඉවහල් වන බව පවසන දුම්වැටි විරෝධී කණ්ඩායම්වල ඉල්ලීමක් පරිදි මෙවැනි තීරණයක් ගත් බවට සඳහන් වේ.

ඒ හා සමාන නීති 2019 දී අමෙරිකා එක්සත් ජනපදය පුරා හඳුන්වා දෙන ලදී.

(7News)

 

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »