මොනාලිසාට සුප් ප්‍රහාරයක්

පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ලෝක ප්‍රකට මොනාලිසාසිතුවම වෙතට විරෝධතාකරුවන් පිරිසක් විසින් සුප් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදුරුවලින් ආරක්ෂා කර ඇති මොනාලිසා සිතුවමට තැඹිලි පැහැති සුප් ඉසිමින් ඔවුන් සෞඛ්‍ය සම්පන්න තිරසාර ආහාර සඳහා වන අයිතියඉල්ලා සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් වෙඩි නොවදින ආකාරයට ආවරණය කර ඇති එම සිතුවමට මෙම ප්‍රහාරයෙන් හානියක් සිදුව නැහැ.

විරෝධතාව දක්වමින් කාන්තාවන් දෙදෙනෙකු විසින් තැබිලි පැහැති සුප් සිතුවමට විසිකර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු අතඩංගුවට ගෙන ඇති අතර ප්‍රංශයේ සෞඛ්‍ය අමාත්‍ය රචිඩා ඩැටි පැවසුවේ කිසිදු හේතුවක් මත මොනාලිසා සිතුවම ඉලක්ක කර ගැනීම සාධාරණීය කළ නොහැකි බවයි.

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »