මෙල්බන් හි ළමා සුරැකුම් මධ්‍යස්ථානයකට සහභාගී වූ දරුවෙකුට කොරෝනා!

මෙල්බන් හි ළමා සුරැකුම් මධ්‍යස්ථානයකට සහභාගී වූ දරුවෙකුට කොරෝනා!

මෙල්බර්න් හි ගිනිකොන දෙසින් පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයකට සහභාගී වූ දරුවෙකු සහභාගී දින 2කට පසුව විදේශ රටකදී කොරෝනා සඳහා ධනාත්මක ප්‍රතිඵල ලැබීමත් සමඟ එම ළමා මධ්‍යස්ථානය වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇත​.

මේ අනුව​, Explorers Early Learning Armadale වන ළමා ආරක්ෂණ මධ්‍යස්ථානයේ Kingfishers පන්ති කාමරය ගැඹුරු පිරිසිදු කිරීම සඳහා වසා දමා ඇත.

ළමාරක්ෂක මධ්‍යස්ථානයේ සිටියදී දරුවා රෝග ලක්ෂණ නොපෙන්වූ නමුත් සෙනසුරාද  උදෑසන විදෙස් ගතව සිටියදී රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන ලදී.

එම මධ්‍යස්ථානයේ සාමාන්‍යාධිකාරී ජැරෝඩ් මැක්ඩොනල්ඩ් පැවසුවේ මධ්‍යස්ථානය පැය 48 ක් පමණ වසා තබන බවයි.

ජනවාරි 7 සහ 8 යන දිනවල Kingfishers සහ Red Gums පන්ති කාමරවලට සහභාගී වූ සියලුම පවුල් තවදුරටත් දැනුම් දෙන තුරු ස්වයං හුදෙකලා වීමට උපදෙස් දී ඇති බවට සඳහන්.

සියළුම කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ද කොරෝනා පරීක්ෂාවට ලක් කිරීමට උපදෙස් දී ඇත.

අද දින ප්‍රජා සම්ප්‍රේෂණයෙන් කිසිඳු කොරෝනා රෝගියෙකු වාර්තා නොවූවද වික්ටෝරියානු රජය පැවසුවේ අද සවස 5 න් පසුව තවත් වාර්තාවක් ලබා දීමට නියමිත බවයි.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »