නීති විරෝධී ධීවරයන් තිස් දෙනෙකු අත්අඩංගුවට

ඔස්ට්‍රේලියා මුහුදු සීමාවට නීති විරෝධීව ඇතුළුවූ ධීවරයන් තිස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඔස්ට්‍රේලියා දේශ සීමා ආරක්ෂක අංශය සමත් වී තිබෙනවා.

අත්අඩංගුවට ගනු ලැබූ ධීවරයන් ඉන්දුනීසියා ජාතිකයන් බවයි සඳහන් වෙන්නේ.

පර්ත් ආශ්‍රිත අනවසර සංක්‍රමණිකයන් රඳවා ගැනීමේ මධ්‍යස්ථානය වෙත ඔවුන් රැගෙන ගිය බවද ඔස්ට්‍රේලියා දේශසීමා ආරක්ෂක අංශය පවසනවා.

සැකකරුවන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

ධීවර කටයුතු සඳහා ඉන්දුනීසියා ධීවරයන් පැමිණි යාත්‍රා තුනක්ද විනාශ කළ බවයි සඳහන් වන්නේ.

නීති විරෝධීව රැස් කරන ලද මුහුදු කැකිරි තොගයක් සහ ධීවර ආම්පන්නද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙස්ටන් ඔස්ට්‍රේලියා හි කිම්බර්ලි වෙරළට ඔබ්බෙන් මෙහෙයුම සිදුකළ බවයි ඔස්ට්‍රේලියා දේශසීමා ආරක්ෂක අංශය පවසන්නේ.

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »