වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් ගේ ගණන වැඩි වීමත් සමඟ නිව් සවුත් වේල්ස්-වික්ටෝරියානු දේශ සීමා වසා දැමේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් ගේ ගණන වැඩි වීමත් සමඟ නිව් සවුත් වේල්ස්-වික්ටෝරියානු දේශ සීමා වසා දැමේ.

අද දිනයේ වික්ටෝරියානු ප්‍රාන්තයේ තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ ගත වූ පැය 24 පුරාවට වාර්තා වූ මුළු කොරෝනා රෝගීන් ගණන 8ක් දක්වා වර්ධනය වී ඇත​. ඒ පුවතත් සමඟම වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් නිව් සවුත් වේල්ස්-වික්ටෝරියානු ප්‍රාන්ත දේශ සීමා වසා දැමීමට තීරණය කර ඇත​.

ඒ අනුව​,වික්ටෝරියානු රජය විසින් සිකුරාදා(1/1) රාත්‍රී 11.59 ට නිව් සවුත් වේල්ස්හි දේශ සීමාව වසා දමන බවට​ නිවේදනය කර ඇත.

මේ අතර, Wollongong සහ Blue Mountains ප්‍රදේශවල  සිට නැවත පැමිණෙන අය නව බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ යුතු අතර ඔවුන්ට නැවත පැමිණීමට බ්‍රහස්පතින්දා(31/12) මධ්‍යම රාත්‍රිය දක්වා කල් දී ඇත.

බ්‍රහස්පතින්දා රාත්‍රී 11.59 වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අඩු අවදානම් කලාප වල සිට​ පැමිණෙන වික්ටෝරියානුවන්ට කොරෝනා පරීක්ෂාවට ලක් කර ඍණාත්මක ප්‍රතිඵලයක් ලැබෙන තෙක් හුදෙකලා විය යුතුය.

කෙසේ වෙතත්,  සිකුරාදා දින​ එවැනි කලාපයක සිට පැමිණෙන පුද්ගලයින් දින 14ක් නිවසේ ස්වයං නිරෝධායනයට ලක් විය යුතුය.

සිකුරාදා මධ්‍යම රාත්‍රියෙන් පසු නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත දේශ සීමාවෙන් වික්ටෝරියාවට​ ඇතුළුවීමට උත්සාහ කරන ඕනෑම කෙනෙකුට දේශසීමා වසා දමනු ඇත.

(7News)

 

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »