නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අද දිනයේ කොරෝනා රෝගීන් 18ක් වාර්තා වීමත් සමඟ තවදුරටත් කොරෝනා නීති දැඩි කෙරේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අද දිනයේ කොරෝනා රෝගීන් 18ක් වාර්තා වීමත් සමඟ තවදුරටත් කොරෝනා නීති දැඩි කෙරේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රජා සම්ප්‍රේෂණයෙන් නව COVID-19 රෝගීන් 18 ක් වාර්තා කිරීමත් සමඟ ප්‍රාන්තය පුරා කොරෝනා නීති දැඩි කිරීමට තීරණය ගත් බවට නිව් සවුත් වේල්ස් අගමැති අද දින ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නිවේදනය කළාය​.

ඒ අනුව​, අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩිදුර දැනුම් දීමක් සිදු වන තුරු සිඩ්නි නුවර​, Central Coast, Wollongong සහ Nepean Blue Mountains ප්‍රදේශවල එක් නිවසකට උපරිම අමුත්තන් සංඛ්‍යාව 10 සිට 5 දක්වා අඩු කර ඇත.

එම කලාපයේ එළිමහන් එළිමහනේ රැස්වීමට හැකි උපරිම පුද්ගලයින් ගණන​ 50 සිට 30 දක්වා අඩු කරන ලදී.

සිඩ්නි හි  උතුරු වෙරළ කලාපයේ එක් නිවසකට උපරිම අමුත්තන් සංඛ්‍යාව 5 දෙනෙකු වන අතර​ එළිමහනේ රැස්වීමට හැකි උපරිම පුද්ගලයින් ගණන පස් දෙනෙකු වේ.

සිඩ්නි ප්‍රදේශයේ සියලුම නේවාසික වයස්ගත සත්කාරක පහසුකම් අවම වශයෙන් ජනවාරි 6 වන තෙක් අමුත්තන්ට ඉඩ දීම නතර කර ඇත​.

කෙසේ වෙතත්, කාලගුණ විද්‍යා කාර්යාංශය හෙට සිට අලුත් අවුරුද්ද දක්වා තද වැසි ඇති බවට පුරෝකථනය කර ඇති අතර අලුත් අවුරුදු උදාව සඳහා නිවසේ රැඳී සිට විනෝද වන ලෙසට සෞඛ්‍ය නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

(ABCNews)

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »