ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 40,000 ඉක්මවයි!

ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 40,000 ඉක්මවයි!

ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 40,282 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 500ක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිමත් සමගයි.

ඊයේ වාර්තා වූ මෙම කොවිඩ් ආසාදිතයින් ගෙන් 448 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණ පොකුරේ පෙර ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු 48 දෙනා බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් වේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ සුවය ලබා ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 32,051ක් වන අතර රෝහල් ගතව සිටින ආසාදිතයින් ගණන 8,045ක් වනවා.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »