ඩෙංගු රක්තපාත උණ ආසාදනය විය හැකි රෝගීන් කලින් සොයා ගැනීමේ ක්‍රමවේදයක්!

ඩෙංගු රක්තපාත උණ ආසාදනය විය හැකි රෝගීන් කලින් සොයා ගැනීමේ ක්‍රමවේදයක්!

ඩෙංගු උණ වැළදී රක්තපාත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පෙර ඩෙංගු රක්තපාත උණට ගොදුරුවිය හැකි රෝගීන් හඳුනා ගත හැකි ජෛව සලකුණු කාරකයක් කැලණිය විශ්ව විද්‍යාලයීය පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයා ගෙන තිබේ.

කැළණිය විශ්වවිද්‍යාලයීය විද්‍යා පිඨයට අයත් රසායන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නිමන්ති ජයතිලක, ජේෂ්ඨ මහාචාර්ය කපිල සෙනවිරත්න, හර්ෂා හපුගස්වත්ත, වෛද්‍ය පිඨයේ විද්‍යා අධ්‍යයන අංශයේ ජේෂ්ඨ මහාචාර්ය රංජන් ප්‍රේමරත්න සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය පුබුදු අමරසේන විසින් මෙම පර්යේෂණය සිදුකර ඇත.

ඩෙංගු උණ වැළදුණු පුද්ගලයින්ගෙන් ඉතා කුඩා ප්‍රතිශතයක් පමණක් දරුණු ඩෙංගු රක්තපාත උණ රෝගයට ගොදුරු වනවා.

රෝගය වැළදුණු මුල් කාලයේදී ඩෙංගු උණ රෝගීන් සහ ඩෙංගු රක්තපාත තත්ත්වයක් ඇති විය හැකි රෝගීන් වෙන්කර හඳුනා ගත නොහැකිය. මේ හේතුවෙන් සියලු ඩෙංගු රෝගීන් රෝහල් ගත කොට ඔවුන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කළ යුතුය. මේ හේතුවෙන් ඩෙංගු රෝගය වැඩියෙන් වාර්තා වන කාලයන් හිදී රෝහල් ධාරිතාව ඉක්මවා යාමේ තර්ජණයක් පවතී.

නමුත් මෙම නවක ජෛව සලකුණු කාරකය භාවිතා කර ඩෙංගු රක්තපාත ලක්ෂණ පෙන්නුම් කිරිමට පෙර එම රෝග තත්ත්වය ඇති විය හැකි රෝගීන් හඳුනාගෙන රෝහල් ගත කොට නිසි ප්‍රතිකාර සඳහා යොමු කළ හැකි බවයි මහාචාර්ය නිමන්ති ජයතිලක ප්‍රකාශ කර සිටිනවා.

මෙම පර්යේෂණයෙන් හෙළි වූ විද්‍යාත්මක සොයා ගැනීම ” Journal of Biomedical Science” අන්තර්ජාතික සඟරාව මගින් ඉකුත් ජනවාරි මස 08 වෙනිදා ප්‍රකාශයට පත් කර ඇත​.

(ColomboTimes)

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »

ඔලිව් තෙල් හැන්දකින් පාලනය කර ගත හැකි රෝග මෙන්න

හාවඩ් විද්‍යාඥයින් විසින් කරන ලද නව අධ්‍යයනයකට අනුව දිනපතා ඔලිව් තෙල් හැන්දක ප්‍රමාණයක් භාවිත කිරීමෙන් ඩිමෙන්ශියා රෝගයෙන් මිය යාමේ අවදානම අඩු කල හැකි බව සොයාගෙන තිබෙනවා.

Read More »