නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු වෙරළ තීරයේ මුළු කොරෝනා ආසාදිතයින් ගණන​ 90ක් දක්වා වර්ධනය වීමත් සමඟ කොරෝනා නීති සීමාවන් පනවන ලකුණු!

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු වෙරළ තීරයේ මුළු කොරෝනා ආසාදිතයින් ගණන​ 90ක් දක්වා වර්ධනය වීමත් සමඟ කොරෝනා නීති සීමාවන් පනවන ලකුණු!

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අද දින වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වූ අතර NSW උතුරු වෙරළ තීරයේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගේ ගණන 90 දක්වා වර්ධනය වී ඇත​.

මේ අනුව අද දින ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Gladys Berejiklian පවසා සිටියේ නත්තලට පෙර COVID සීමාවන් සමාලෝචනය කිරීම සඳහා කැබිනට් රැස්වීමක් කැඳවන බවය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු වෙරළ තීරයේ කොරෝනා පොකුරට අද දින නව කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු එකතු වූ අතර අද දින වාර්තා වූ අනෙක් කොරෝනා රෝගියා හෝටල් නිරෝධායනය සඳහා මිනිසුන් ප්‍රවාහනය කිරීමට සම්බන්ධ හෙදියක් විය​.

නත්තල් සමයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පැනවීමට නියමිත කොරෝනා නීති පිළිබඳ ව හෙට දිනයේ නිවේදනය කිරීමට නිව් සවුත් වේල්ස් අගමැති අපේක්‍ෂා කරන බව සඳහන්.

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »