වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය ජාතික වනෝද්‍යානයක උස් නැරඹුම් ස්ථානයකින් වැටී කාන්තාවක් මරුට​!

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය ජාතික වනෝද්‍යානයක උස් නැරඹුම් ස්ථානයකින් වැටී කාන්තාවක් මරුට​!

වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රැම්පියන්ස් ජාතික වනෝද්‍යානයේ ජනප්‍රිය උස් නැරඹුම් ස්ථානයකින් වැටී කාන්තාවක් මියගොස් තිබේ. මෙම ස්ථානය​ මෙල්බර්න් සිට 270 ක් දුරින් පිහිටා ඇත.

Craigieburn හි විසූ 38 හැවිරිදි කාන්තාව සෙනසුරාදා දහවල් 3 ට පමණ Boroka Lookout හිදී වැටී ඇත.

වික්ටෝරියා පොලිසිය පැවසුවේ කාන්තාව බාධකයක් මතට ලිස්සා යාමෙන් පසුව වැටී ඇති බවයි.

“SES සහ පොලිසිය එම කාන්තාවගේ සිරුර එම ස්ථානයෙන් ලබා ගත්තා” යැයි පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඇගේ මරණය සැක සහිත එකක් ලෙස සලකනු නොලැබේ.

(7News)

 

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »