ඔස්ට්‍රේලියා කම්කරු ප්‍රජාවගෙන් 95% ක් සාධාරණ වැටුපක් ලබන බවට වාර්තාවක්

මෙරට කම්කරු ප්‍රජාවගෙන් සියයට 95 ක් සාධාරණ වැටුපක් ලබන බවට එළිදැක්වු ඵලදායිතා කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් මතුවී තිබෙනවා.

කම්කරුවන් දස දෙනෙකු අතුරින් 09 දෙනෙකුම උද්ධමනය ඇතුලු අනෙකුත් ආර්ථික දර්ශකවලට අනුකූලව නියමිත වැටුප් ලබන බවයි එම වාර්තා පෙන්වා දී ඇත්තේ.

කෙසේවෙතත් කම්කරු වෘත්තිය සංගම් සහ ඇතැම් දේශපාලන ව්‍යාපාර පෙන්වා දෙන්නේ එම වාර්තා නිගමන, වැරදි සහගත බවයි.

තෝරාගනු ලැබු වැටුප් පරතර මෙන්ම නිසි මිණුම් අගයක් නොගැනීම හේතුවෙන් මෙවැනි වැරදි දත්ත ප්‍රකාශයට පත්වී ඇති බවයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

මෑතකාලීනව කර්මාන්ත රැසක් මෑතකාලීනව කඩා වැටීමත් සමග කම්කරුවන්ගෙන් සියයට 95 ක් පමණ සාධාරණ වැටුපක් ලබන බව පිළිගත නොහැකි බව බව වෘත්තීය සමිති වැඩිදුරටත් පවසනවා.

ෆෙඩරල් සංචිත බැංකුව සඳහන් කර ඇත්තේ ඵලදායිතාව වර්ධනය කිරීමේ අරමුණින් ඉහළ වැටුප් නිර්මාණය කිරීමට රජය උත්සහ කිරීම උද්ධමනයට හේතු වන බවයි.

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »