Australia Post විසින් ගනුදෙනුකරුවන් සඳහා නත්තල් කාලසීමාවන් නිකුත් කෙරේ.

Australia Post විසින් ගනුදෙනුකරුවන් සඳහා නත්තල් කාලසීමාවන් නිකුත් කෙරේ.

Australia Post Christmas deadlines for customers.

Australia Post සති අන්තයේ දැවැන්ත අන්තර්ජාල​ අලෙවියකින් පසුව  නිවාඩු සමය එළඹෙමින් තිබියදී තවදුරටත් පාර්සල් ලබා දීමට කටයුතු කරයි.

කළු සිකුරාදා සහ සයිබර් සඳුදා අලෙවියෙන් පසු,  වාර්තාගත විශාලතම පාර්සල් බෙදාහැරීමක් සිදු කල Australia Post දැනටමත් නොවැම්බර් මාසයේදී පාර්සල් මිලියන 40 කට වඩා ලබා දී ඇත.“අපේ ජනතාව අවුරුද්ද පුරාම ඇදහිය නොහැකි තරම් වෙහෙස මහන්සි වී වැඩ කර ඇති අතර, අපට එය කළමනාකරණය කර ගැනීමට හැකියාවක් පැවතුනා ” යනුවෙන් ඕස්ට්‍රේලියානු තැපැල් විධායක සාමාන්‍යාධිකාරී ඩෙලිවරි රොඩ් බාන්ස් පැවසීය.

එළබෙන  නත්තල් සමයට කාර්යබහුල වන  තැපැල් බෙදාහැරීම් සඳහා  උදව් කිරීමට Australia Post,  අමතර පුද්ගලයින් 5000 ක් කුලියට ගනිමින් සහා තවත් බෙදාහැරීමේ වාහන ලබා ගනිමින් සිටින බව බාන්ස් පැවසීය.

නත්තල් දින නියමයන්:

මේ වසරේ තෑගි ලබා දීමේ දී ප්‍රමාදවීම්  වළක්වා ගැනීම සඳහා ඉක්මණින් පැමිණෙන ලෙස Australia Post පාරිභෝගිකයින්ට අනතුරු අඟවා තිබේ.

ඕස්ට්‍රේලියාව තුළ පාර්සල් යැවීමේ අවසාන දිනය සාමාන්‍ය තැපැල්  සඳහා දෙසැම්බර් 12 වන අතර එක්ස්ප්‍රස් තැපැල් සඳහා  අවසාන දිනය දෙසැම්බර් 19 වේ.

(7News) 

බොන්ඩායි ප්‍රදේශයේ මහල් නිවසකින් 19 හැවිරිදි තරුණියකගේ සිරුරක් හමුවෙයි

සිඩ්නි උතුරු බොන්ඩායි ප්‍රදේශයේ මහල් නිවාසයක තිබී 19 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

Read More »

“හැරී පොටර් මාලිගය” රුසියානු මිසයිලය ප්‍රහාරයකින් විනාශ වෙයි

රුසියානු මිසයිලය ප්‍රහාරයකින් යුක්රේනයේ ඔඩේසා වරාය නගරයේ පිහිටි ‘හැරී පොටර් කාසල්’ නම් ප්‍රසිද්ධ ගොඩනැගිල්ලක් විනාශ වී තිබෙනවා.

Read More »

උණුසුම් කාලගුණය නිසා ආසියානු රටවල් කිහිපයක සෞඛ්‍ය අනතුරු ඇඟවීම්

පවතින දැඩි උණුසුම් කාලගුණික තත්වය හමුවේ පිලිපීනයේ ඇතුලු අග්නිදිග ආසියානු රටවල් කිහිපයක පාසල් වසා දමා සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ගුවන්තොටුපල රැසක බොන්සා ගුවන් ගමන් අවලංගු වෙයි

බොන්සා ගුවන් සේවයේ ගමන් වාර රැසක් අවලංගු කිරීම හේතුවෙන් අපහසුතාවට ලක්වූ මගීන්ට නොමිලේ ගුවන් ගමන් ලබා දීමට වර්ජින් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස්වලදී නංගිට පිහියෙන් ඇනපු අක්කා පොලිසියේ

10 හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මියගිය දැරියගේම සහෝදරිය බව අනාවරණ වී තිබෙනවා.

Read More »

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »