නත්තල් නිවාඩුවට මෙල්බර්න් අගනුවර නොමිලේ වාහන නැවැත්වීමට වවුචරයක්!

නත්තල් නිවාඩුවට මෙල්බර්න් අගනුවර නොමිලේ වාහන නැවැත්වීමට වවුචරයක්!

Free parking in Melbourne’s CBD before and during the Christmas holidays!

නත්තල් සමයේදී මෙල්බර්න් අගනුවර නොමිලේ වාහන නැවැත්වීම සඳහා පහසුකම් ඉඩ සලසා ඇත​. 

සඳුදා City of Melbourne ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සියලුම මෙල්බන් වාසීන් කළ යුත්තේ වවුචරයක් බාගත කර මුද්‍රණය කිරීම පමණක් බවයි.

ඔවුන්ට එය දෙසැම්බර් 1 සිට ජනවාරි 3 දක්වා නොමිලේ වාහන නැවැත්වීම සඳහා තම වාහනයේ ප්‍රදර්ශනය කළ හැකිය.

වවුචරය වලංගු වන්නේ කොළ පැහැති ලාංඡන සහිත​ ප්‍රදේශවල පමණක් වන අතර රතු කලාපවල හෝ ආබාධිතයින් සඳහා වෙන් කරවා ඇති ස්ථානවල​ නොවේ.

වාහන නැවැත්වීමේ ස්ථානයකට කාල සීමාවන් තිබේ නම්  සෑම කෙනෙකුටම වාහන නැවැත්වීමේ එම කාල සීමා වලට යටත් වේ. 

නගරය තුළ වාහන නැවැත්වීම සඳහා සාමාන්‍යයෙන් පැයකට ඩොලර් 7 ක් වන අතර නගරයෙන් පිටත පැයකට ඩොලර් 4 කි.

මෙම වවුචරය සඳහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න​. 

https://www.melbourne.vic.gov.au/parking-and-transport/parking/parking-locations-fees/Pages/free-parking-december.aspx?fbclid=IwAR1Amz2bjfc0_2siuVYYbU5haX6Zo4BMAi_nq7r6YI9qk6jPjwoxrH5BX9g

(7News)

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »