ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 5කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

එහිදී අගනා පිතිකරණයක නියැලුණු චරිත අසලංක හයේ පහරක් සහ හතරේ පහර 5ක් සමග ලකුණු 62ක් රැස්කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත රැගෙන ගියේය.

සධීර සමරවික්‍රම හතරේ පහර 6ක් සමග ලකුණු 54ක් රැස්කරගත්තේය.

ෂකීබ් අල් හසන් බංග්ලාදේශය වෙනුවෙන් කඩුලු 2ක් දවාගත්තේය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 164ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ කඩුලු 4ක් දවාගත් අතර මහීෂ් තීක්ෂණ කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.

ශ්‍රී ලංකාව පන්දුවාර 39කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 165ක් රැස්කරගනිමින් තරගයේ ජය හිමිකරගත්තේය.

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »