NSW – VIC නව වෛද්‍ය බදු හමුවේ රෝගීන්ට අමතර පිරිවැයක්

වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවල වෛද්‍යවරුන්ගෙන් අය කිරීමට යෝජනා වී ඇති නව බදු හමුවේ රෝගීන්ට අමතර පිරිවැයක් දැරීමට සිදුවනු ඇති බවට මත පළවනවා.

ඒ අනුව එක් වාරයකට ඩොලර් 20 ක පමණ අමතර මුදලක් ඔවුන්ට දැරීමට සිදුවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ස්වාධීනව සත්කාරක සේවා පවත්වාගෙන නිවු සවුත් වේල්ස් වෛද්‍යවරුන්ගෙන් සියයට 5.45 ක සහ වික්ටෝරියා වෛද්‍යවරුන්ගෙන් සියයට 4.85 ක අමතර බද්දක් අයකරන බවටයි අදාල බදු කාර්යාල විසින් වෛද්‍යවරුන්ට දන්වා තිබුණේ.

කෙසේවෙතත් අයවැයෙන් ඖෂධ ගාස්තු අඩුකරමින් සිදුකල යෝජනා මෙවැනි තීරණ හමුවේ ප්‍රථිඵලදායක නොවන බවටද චෝදනා එල්ල වනවා.

අඩු කල මිළ ගණන් වෙනුවට අමතර ගාස්තු එකතුවීම ඊට හේතුවයි.

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »