හිම කලාප නැරඹීමට තනිව නොයන්නැයි ඉල්ලීමක්

ශීත ඝෘතුවේ හිම කලාප නැරඹීමට යන ඔස්ට්‍රේලියානුවන්ට ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

කඳු තරණයට බොහෝ පිරිසක් උනන්දුවක් දැක්වුවද බොහෝ පිරිසකට ඒ සම්බන්ධව නිසි පුහුණුවක් නොමැති වීම ඊට හේතුවයි.

වික්ටෝරියා මවුන්ට් හොතම් ප්‍රදේශයේදී දින කිහිපයකට පෙර කාන්තාවක කඳු තරණය අතරතුර අතුරුදන්වීමේ සිද්ධිය මීට ආසන්නතම හේතුව වී තිබෙනවා.

කඳු තරණය අතරතුර සිදුවන මගහැරීම් අවම කිරීමට නිසි සන්නිවේදන උපකරණ මෙන්ම ප්‍රදේශ සිතියම් ළග තබා ගැනීම අනිවාර්ය බව ද අවධාරණය කෙරෙනවා.

හිම කලාප වෙත ඇතුල්වීමේ දී තනි පුද්ගලයකු වශයෙන් නොව දෙදෙනෙකු හෝ පිරිසක් සමග එක්ව යන ලෙසයි උපදෙස් ලබා දෙන්නේ.

කදු තරනය අතරතුර අනතරක් සිදුවුව ද ඒ පිළිබඳ ආපදා සහන අංශ තොරතුරු දැනගැනීමට නිසි පරිදි සන්නිවේදන ක්‍රම සහ අදාළ මෙවලම් සක්‍රීයව පවත්වාගෙන යෑම වැදගත් බවද සිහිපත් කෙරෙනවා.

එසේම කදු තරණයේ දී ඉදිරි මාර්ගය සම්බන්ධ යම් ගැටලූකාරි තත්වයක් මතුවුවන්නේ නම් ඉදිරියට යෑම නවතා එම ස්ථානයේ නැවති සිටීම මගින් මුදාගැනීමේ කණ්ඩායම්වලට ළගාවීමට පහසු වන බව ද දැනුම් දීමක් සිදු කෙරෙනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »