නිවාස කුළී අර්බුදය උග්‍රම නගරය බවට ගෝල්ඩ් කෝස්ට් පත්වෙයි

ඔස්ට්‍රේලියාවේ නිවාස කුළී අර්බුදය උග්‍රම නගරය බවට ගෝල්ඩ් කෝස්ට් පත්වී තිබෙනවා.

මේ වනවිට එහි සාමාන්‍ය නිවසක සතියක මධ්‍යයන කුළිය ඩොලර් 820 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි නවතම සංඛ්‍යාලේඛණ වාර්තා පෙන්වා දෙන්නේ.

එය වසර 03 කට පෙර පැවති අගයට වඩා සියයට 18 ක පමණ ඉහළයාමක් වනවා.

බොහෝ සංක්‍රමණිකයන් සිය නවාතැන බවට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තෝරා ගැනීමත් එයින්ද බ්‍රිස්බන් නගරය හා සාපේක්ෂව ජනාකීර්ණ බවින් අඩු ගෝල්ඩ් කෝස්ට් වෙත යොමුවීමත් මීට හේතුවයි.

කෙසේවෙතත් බොහෝ පිරිසකට සරිලන පරිදි නිවාස පහසුකම් නොමැතිවීම හමුවේයි මෙලෙස නිවාස අර්බුදය උග්‍රම නගරය බවට ගෝල්ඩ් කෝස්ට් පත්වී ඇත්තේ.

ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්

මෙම වසරේ ගත වූ කාලය තුළ ලක්ෂ 8ක් ඉක්මවූ විදෙස් සංචා­ර­ක­යන් පිරි­සක් ශ්‍රී ලංකා­වට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

Read More »

සිසුන්ගේ හැසීරිම නිසා ගුරුවරුන්ගේ ආරක්ෂාව ගැන ගැටලුවක්

ඔස්ට්‍රේලියාවේ පාසල් පන්ති කාමර තුළ අනාරක්ෂිත යැයි හැඟෙන ගුරුවරුන්ගේ සංඛ්‍යාව 2022 වසර වන විට සියයට 24.5කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Warragamba වේල්ල ගැන සිඩ්නි අවට ජනතාවට අනතුරු ඇඟවීමක්

පවතින වැසි සහිත කාලගුණික තත්වය හමුවේ සිඩ්නි හි වොරගම්බා වේල්ල සම්පූර්ණ ධාරිතාවට ආසන්නව පවතින අතර ඉදිරි පැය කිහිපය තුළ ඕනෑම වේලාවක පිටාර යාමේ හැකියාව පවතින බව නිව් සවුත්වේල්ස් ජල කළමනාකරණ බලධාරීන් අනතුරු අඟවනවා.

Read More »

මෙල්බන් පදිංචිකරුවෙක් පයට දාන පාවහන් වෙනස් ජාවාරමකට යොදාගත් හැටි

පාවහන් තුළ සඟවා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100කට වැඩි ප්‍රමාණයක් රැගෙන ආ පුද්ගලයෙකු ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ දේශසීමා බලකාය විසින් මෙල්බන්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »