McDonald’s ඔස්ට්‍රේලියා නව අවන්හල්වල රැකියා 40,000 ක්

ඉදිරි වසර 03 තුළදී සමස්ත ඔස්ට්‍රේලියාව පුරා නව අවන්හල් 100 කට වැඩි සංඛ්‍යාවක් ස්ථාපිත කිරීමට මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලය සැළසුම් කර තිබෙනවා.

එමෙන්ම දැනට පවතින අවන්හල් වැඩි දියුණු කිරීමටද නියමිතයි.

මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියනයකට වැඩි මුදලක් ආයෝජනය කිරීමටයි ඔවුන් සූදානමින් පසුවන්නේ.

1990 දශකයෙන් පසු මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලය විසින් කිසියම් රටක සිදුකරන දැවැන්තම ආයෝජන ව්‍යාපෘතිය මෙය බවයි පැවසෙන්නේ.

2025 වසරර වනවිට ඔස්ට්‍රේලියාව තුළ සක්‍රීය මට්ටමේ පවතින මැක්ඩොනල්ඩ්ස් අවන්හල් සංඛ්‍යාව මේ අනුව 1,100 ඉක්මවා යාමට නියමිතයි.

මේ හරහා බිහිවනු ඇති බවට පුරෝකථනය කර ඇති නව රැකියා සංඛ්‍යාව 40,000 කට අධික බව සඳහන්.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »