ව්‍යාජ MyGov ගිණුම් හරහා tax return ගැනීමේ ජාවාරමක් – වසර 02 ක වංචාව $ මිලියන 557 පනී

විවිධ වංචනික ක්‍රම හරහා පසුගිය වසර 02 තුළදී ඩොලර් මිලියන 557 ක මුදලක් tax return ලෙස ලබාගෙන ඇති බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසනවා.

මින් බහුතරයක් සිදුකර ඇත්තේ ව්‍යාජ MyGov ගිණුම් සකස් කර ඒවා සැබෑ බදු ගොණු සමග සම්බන්ධ කරමින් බවටයි අනාවරණය වී ඇත්තේ.

2021-22 මූල වර්ෂයේදී බදු ගොණු 7,500 ක් හරහා සිදුකර ඇති බදු වංචාව ඩොලර් මිලියන 237 කට අධිකයි.

2022-23 මූල්‍ය වර්ෂයේදී එම වංචා මුදල ඩොලර් මිලියන 320 දක්වා ඉහළ ගොස් ඇත්තේ බදු ගොණු 8,100 ක් පමණ එම වංචාවට සම්බන්ධ කරමිනුයි.

ඔස්ට්‍රේලියානු බදු කාර්යාල පද්ධතියේ ඇති බදු ගොණු වෙත පිවිසීමට වංචාකරුවන් සමත්වූ වහා ඔවුන් සිදුකර ඇත්තේ බැංකු ගිණුම් තොරතුරු වෙනස් කිරීමයි.

ඒ අනුව වංචාවලට හසුවූ බදු ගොණුවල සැබෑ හිමිකරුවන් විසින් tax return අයදුම් කිරීමේදී ඔවුන් විසින් දැනටමත් එම මුදල් ලබාගෙන ඇති බවට වන දැනුම්දීමක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

සිය MyGov ගිණුමේ හෝ බදු ගොණුවෙහි කිසියම් සැකකටයුතු යමක් නිරීක්ෂණය කල වහා ඒ පිළිබඳව බළධාරීන්ගේ අවධානයට යොමු කරවන ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »