මිනිසුන් අතර ව්‍යාප්ත විය හැකි “Chapare” නමැති තවත් භයානක වෛරසයක්!

මිනිසුන් අතර ව්‍යාප්ත විය හැකි “Chapare” නමැති තවත් භයානක වෛරසයක්!

Human-to-human transmission of rare ‘Chapare virus’ in Bolivia confirmed by scientists.

2014 – 2016 කාලසීමාවේදී අප්‍රිකාවට දැඩි බලපෑමක් එල්ල කළ ඉබෝලා වෛරසයට බොහෝ සමානකම් දක්වන “Chapare” නමැති මෙම නව වෛරසය හඳුනාගෙන ඇත්තේ බොලිවියාවේ La Paz සෞඛ්‍ය සේවකයින් දෙදෙනෙකුට වැළඳී තිබියදීයී.

අදාළ සෞඛ්‍ය සේවකයින් දෙදෙනා ශ්වන අපහසුතාව මෙන්ම අධික උණ රෝගයෙන් පෙලීම නිසා ඔවුන් ඩෙංගු වෛරසයට ගොදුරුව ඇති බවට වෛද්‍යවරුන් පළමුව සැක පළකර තිබිණි.

නමුත් පසුව සිදුකළ ඔවුන්ගේ ජෛව සාම්පල අධ්‍යයනයේදී මෙය නව වෛරසයක් බවත් පුද්ගලයින් අතර ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බවත් අනාවරණය වී තිබේ.

මීයන් වැනි සතුන්ගෙන් ව්‍යාප්ත වන බවට විශ්වාස කෙරෙන මෙම වෛරසය 2004 වසරේදීද බොලිවියාවේ Chapare ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. ඉන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.

ඇමෙරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අනතුරු අඟවන්නේ කොවිඩ් 19 වෛරසයේ නිමාවෙන් පසු “Chapare” නම් මෙම නව වෛරසය කෙදිනක හෝ වසංගතයක් බවට පත්වීමේ ප්‍රවණතාවක් පැවතීම හේතුවෙන් මේ පිළිබඳ කඩිනම් අධ්‍යයනයක් කළ යුතු බවයි.

(DailyMail)

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »