“බොන්සා” තවත් මාර්ග 05 ක ගුවන් ගමන් නතර කරයි

ඉල්ලුම අඩු වීම හමුවේ තවත් ගුවන් මාර්ග 05 ක ගුවන් ගමන් නතර කිරීමට ඔස්ට්‍රේලියාවේ නවතම අඩු පිරිවැය ප්‍රාදේශීය ගුවන් සේවය වන බොන්සා තීරණය කර තිබෙනවා.

එමෙන්ම තවත් ගමනාන්ත කිහිපයක ගුවන් ගමන් සංඛ්‍යාව අඩු කිරීමටද සිදුවී ඇති බවයි ඔවුන් නිවේදනය කර සිටින්නේ.

සන්ෂයින් කෝස්ට් සිට පෝර්ට් මැකරි – කෙයාර්න්ස් ඇතුලු නගර කිහිපයක් දක්වා සිදු කෙරෙන ගුවන් ගමන් සඳහා මෙම තීරණය අදාළ වනු ඇති.

බොන්සා ගුවන් සේවය සිය මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේ පසුගිය ජනවාරි මාසයේදීයි.

ලබන අගෝස්තු 01 වනදා සිට මෙය ක්‍රියාත්මක කෙරෙන අතර දැනටමත් ගුවන් ගමන් වෙන් කරවාගෙන ඇති මගීන්ට මුලු මුදලම ආපසු ගෙවීමටයි බොන්සා ගුවන් සේවය පියවර ගෙන ඇත්තේ.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »