ෆෙඩරල් මන්ත්‍රීවරයෙකුට මරණීය තර්ජන එල්ල කල අයෙකු අත්අඩංගුවට

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් මන්ත්‍රීවරයෙකුට අන්තර්ජාලය ඔස්සේ මරණීය තර්ජන එල්ල කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන චෝදනා ගොණු කර තිබෙනවා.

39 හැවිරිදි සැකකරු බ්‍රිස්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

තර්ජනය – මරණයට තැත් කිරීම ඇතුලු චෝදනා 05 ක් යටතේ මෙම තැනැත්තා එරෙහිව චෝදනා ගොණු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම චෝදනා සඳහා සැකකරු වරදකරු බවට පත්වුවහොත් වසර 05 ත් 10 ත් අතර සිර දඩුවමකට යටත් කල හැකියි.

මොහු හෙට දිනයේදී නැවතත් බ්‍රිස්බන් නුවර මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »