කැන්බරා හිදී කතක සහ පුතුන් දෙදෙනා අතුරුදන්

කැන්බරා හිදී අතුරුදන්වූ කාන්තාවක සහ පුත්‍රයන් දෙදෙනා සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

49 හැවිරිදි කාන්තාවක සහ 22 සහ 19 වියැති තරුණයන් දෙදෙනෙකු මෙලෙස අතුරුදන්වී ඇති බව සඳහන්.

ඔවුන් සතුව ප්‍රමාණවත් මුදල් හෝ ජංගම දුරකථන සබඳතාවයක් හෝ නොමැති බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

මෙම පිරිස ගමන් කර ඇති වාහනයද සැළකිය යුතු හානියකට ලක්වී ඇති බවටද වාර්තා පළවනවා.

ඔවුන් පිළිබඳ තොරතුරක් ඇති අයෙකු වෙතොත් කැන්බරා පොලිස් අංශ වෙත දැනුම් දිය හැකියි.

වික්ටෝරියා ප්‍රාන්තයේ භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන පිරිස ඉහළට

ජීවන වියදම් පීඩනය මධ්‍යයේ භාවිත කරන ලද ඇඳුම් සහ විවිධ ගෘහ භාණ්ඩ අලෙවි කෙරෙන වෙළඳ සැල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීමේ විශාල වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැලකදී දෙමව්පියන් රැවටූ තරුණයාට අමතක නොවන දඬුවමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »