පොළී අනුපාතික වැඩි නොවුණත් ඔස්ට්‍රේලියානුවන් උකස් වාරික ගැන කණස්සල්ලෙන්

පොළී අනුපාතික අගයන් හි වෙනසක් සිදු නොවුණද ඔස්ට්‍රේලියානු උකස් ණය හිමියන් අතරින් සියයට 70 ක් පමණ වාරික ආපසු ගෙවීම පිළිබඳ කණස්සල්ලෙන් පසුවන බව අනාවරණය වී තිබෙනවා.

ඉන් සියයට 80 ක් පමණ අවුරුදු 25 ත් 44 ත් අතර පසුවන්නන් බවයි නවතම සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ.

උකස් ණය ගෙන ඇති වයස අවුරුදු 65 ට වැඩි උකස් ණය හිමියන් අතුරින් සියයට 44 ක් පමණ ද පවසා ඇත්තේ වාරික අගය තවමත් ඉහළ අගයක පැවතීම ගැටලු සහගත බවයි.

මෙම මාසයට අදාළව cash rate අගයෙහි වැඩිවීමක් සිදු නොවුණද නිවාස ණය වාරික ගෙවීම පිළිබඳ කණස්සල්ලෙන් පසුවන ඔස්ට්‍රේලියානවන් සංඛ්‍යාව සියයට 08 කින් වැඩිවී ඇති බව සඳහන්.

කෙසේවෙතත් සමස්ත ණය හිමියන් අතුරින් සියයට 73 ක් පමණ කිසිදු මූල්‍ය සහයක් අපේක්ෂා නොකරන බවටද හෙළි කරගෙන තිබෙනවා.

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »