සිඩ්නි Goat Island හිමිකාරීත්වය නැවතත් ස්වදේශික ජනතාවට

සිඩ්නි වරාය පාලස අසළ ඇති Me-Mel හෙවත් ගෝට් අයිලන්ඩ් දූපතේ හිමිකාරීත්වය නැවතත් ස්වදේශික ජනතාවට පිරිනැමීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සූදානම් වනවා.

ඩොලර් මිලියන 43 ක මුදලක් වැය කර ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුවයි මෙලෙස එම දූපතේ හිමිකාරීක්වය පවරා දීමටයි නියමිතව ඇත්තේ.

මෙම දූපතේ සංචාරක – සංස්කෘතික ඇතුලු කටයුතු ප්‍රවර්ධනය කිරීමටද ඉදිරියේදී පියවර ගැනීමට නියමිතයි.

දිගු කාලයක සිට පැවති සාකච්ඡාවල ප්‍රථිඵලයක් ලෙසයි මෙලෙස ගෝට් අයිලන්ඩ් හි භාරකාරීත්වය යළිත් ස්වදේශික ජනතාව වෙත පිරිනැමීමට නියමිතව ඇත්තේ.

https://www.9news.com.au/national/nsw-government-to-transfer-me-mel-goat-island-to-first-nations-ownership/a76017ed-5f78-4753-a830-3ddf74c06a09

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »

සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »