නිවු සවුත් වේල්ස් First home buy මුද්දර ගාස්තු සහනය අද සිට ඉහළට

First home buyers

පළමුවරට නිවසක් මිළදී ගන්නා පුද්ගලයන් වෙනුවෙන් (first home buy) ලබාදෙන මුද්දර ගාස්තු සහනය ඉහළ නැංවීමේ යෝජනාව නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ අද සිට බලාත්මක වනවා.

ඒ අනුව මෙතෙක් ඩොලර් 650,000 ක උපරිම වටිනාකමක් සහිත නිවසක් සඳහා පැවති මුද්දර ගාස්තු අය නොකිරීම ඩොලර් 800,000 ක වටිනාකමක් දක්වා ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම මෙතෙක් ඩොලර් ලක්ෂ 08 ක උපරිම වටිනාකමක් සහිත නිවාස සඳහා පැවති මුද්දර ගාස්තු සහනය ඩොලර් මිලියනය දක්වා වැඩි කර තිබීම විශේෂත්වයක්.

මෙම අවස්ථා 02 ම සඳහා පළමු වරට නිවසක් මිළදී ගන්නන් 13,000 කට පමණ අදාළ වරප්‍රසාදය හිමිවනු ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.

ඔවුන්ට අවම වශයෙන් ඩොලර් 31,090 ක සහනයක් හිමිවනු ඇති බවද සඳහන්.

Property price Previous stamp duty New stamp duty Savings
$700,000 $10,363 $0 $10,363
$750,000 $20,727 $0 $20,727
$800,000 $31,090 $0 $31,090
$850,000 $33,340 $10,023 $23,318
$900,000 $35,590 $20,045 $15,545
$950,000 $37,840 $30,068 $7773
$990,000 $39,640 $38,086 $1555

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »